Mar 19, 2012

අතීතය සිහිනයක්ම පමණි !


කප්පරක් කඳුළු කැට ඇස් දෙකේ හිර කරන්
දුක් විඳින පපුව ගැන දුක නැද්ද රත්තරන්
ඇහි පියේ තියාගෙන රැක්කදා කොයි තරන්
බාඳුරා සුවඳකට රැවටුනේ ඇයි කියන්

හිතාගෙන උන්නේ මම මගෙම විතරයි ඔයා
දරාගෙන විරහ ගිනි කෝම ඉන්නද මෙමා
ඔබම දුන් ජීවිතේ මියැදෙන්න ළඟයි දැන්
හුස්ම පිඹලා යන්න එන මගේ රත්තරන්



                                        ජීවිතේ පරණ අහුමුලු අතුගාද්දි අහම්බෙන් මේ නිසදැස මගේ නෙත ගැටුනෙ පරණ දින පොතක තිබිල.ඒ  2006 අවුරුද්දේ මගේ දින පොත. ඒ කියන්නෙ මේ කවට වසර 6ක් වෙනව දැන්. ඒ ඔයා මාව දාල ගිය මුල්ම කාලෙ ඒ දවස්වල මම ඔයා අයේ එනවනම් කියලා කොච්චරක්නම් බලන් හිටියද... මේ දින පොත පුරාම තියෙන්නෙ ඔයා වෙනුවෙන් මම හෙලාපු කඳුළු සුසුම්.

                           දැන් මම ඔයාට එන්න කියන්නේ නෑ වැරදිලාවත්.ඒ කාලේ නාපු ඔයා දැන් කොහොම එන්නද... ආවත් වැඩක් තියෙනවද....ඔයා මගේ වෙච්ච මම ඔයාගේ වෙච්ච කාලෙ දැන් අතීතයක්ම විතරයි. ඒත් අතීතයේ අඳුරු සෙවනැළි විතරක් නෙවේ සොඳුරු සිතුවම් පවා තාමත් මට අමතක කරන්න බැරි හැටි.   
                

12 comments:

Sammani said...

ලස්සනයි කවි දෙක.....

සිත්රූ සිහින said...

ඔයාගෙ මුලු හිතම ඒ කවි දෙකේ තියෙනවා අක්කෙ..ඇත්තටම මේ බ්ලොග් එක එයා කියවනවනම් ..

ඉරණම්කාරී said...

Sammani - ස්තූති සම්මානි

සිත්රූ සිහින - මගෙත් පැතුම ඒකම තමා සිත් රූ අද හෙට නැතත් එයා කවදම හරි කියවාවි

Dinesh said...

දවසක මේ දේවල් එයා කියවාවි අක්කේ.. කරපු දේ ගැන උනත් පසු තැවේවි..

ඉරණම්කාරී said...

Dinesh - ඔව් මල්ලී මම බලන් ඉන්නවා

Ven Medirigiriye Thero said...

http://adhitanemaga.blogspot.com/2012/03/blog-post_3613.html

වැසි දැරිය - The Rain Girl said...

කප්පරක් කඳුළු කැට ඇස් දෙකේ හිර කරන්
දුක් විඳින පපුව ගැන දුක නැද්ද රත්තරන්
ඇහි පියේ තියාගෙන රැක්කදා කොයි තරන්
බාඳුරා සුවඳකට රැවටුනේ ඇයි කියන්

හරිම ලස්සනයි අක්කා.. අනිත් එක යන අයට යන්න අරින්න.හරි කෙනා දවසක අනිවාර්යෙන්ම අපි ළගට එනවා.

ඉරණම්කාරී said...

වර්ෂා.. said... -ස්තූතී වර්ෂා ඔව් යන අය යනවාමයි

ඉරණම්කාරී said...

පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හිමි. said... බොහොම ස්තූතී

‍සොඳුරු සිතැති මිනිසා said...

ගිය අය ගැන නම් පසු තැවෙන්න එපා . හිතට ධෛර්ය ගන්න.ඒ ගිය අයට පේන්න ලොකුම ලොකු වැඩක් කරන්න හිතට ගන්න.ජිවිතේ යන්න පුළුවන් ඉහලටම යන්න.ඔයාට පුළුවන් මේ මුළු රටම දන්නා වැදගත් ,වටිනා කෙනෙක් වෙන්න.එදාට ඔයාව දාලා ගිය එකට ඒ අය පසු තැවේවි . ඔයාගේ ඇත්තම අයිතිකරයා ඉක්මනටම ඒවි හොඳේ.. :) මම කියනවට කරන්න,ඒ අයට පේන්න,ඉහලට යන්න පුළුවන් හොඳ වැදගත් වැඩක් කරන්න.ව්‍යාපාරයක් හරි කමක් නෑ පටන් ගන්න.ඔයාට පුළුවන්,පුළුවන්,පුළුවන්,අනිවාර්යෙන්ම පුළුවන් මගේ සුදු නංගෝ.එහෙම දෙයක් පටන්ගත්ත දාට මටත් කියන්න ok

වර්ණා said...

මටනම් මාර තරහක් එන්නේ ඔහොම අය ගැන

ඉරණම්කාරී said...

‍සොඳුරු සිතැති මිනිසා - බොහොම ස්තූති ඔබේ දිරි ගැන්වීම වලට. හැමෝම මට ඔය ටිකම කියනවා.මම කොහොමත් දැන් හිත හදාගෙන ඉවරයි.

Post a Comment