May 25, 2012

මියෙන තුරු මඟ බලමි !







                                         ඔයා හරිම ලේසියෙන් අමතක කරපු , තාමත් අමතක කරගන්න බැරුව මං විඳවන ඒ මතකය මාව රිදවන තරම් ඔයා දන්නේ නෑ....ආදරේ වෙනුවෙන් හැමදේම අත්හැරල ඔයාවම ඔයාවම විතරක් විශ්වාස කරල ආව මට ඔයා මේ දුන්න දඬුවම දරුණු වැඩී කියල ඔයාට එක මොහොතකටවත් හිතුනේ නැද්ද...?

                                             
ඔයා එක්ක එනකොට මම මහා ලොකු ගෑණියෙක් නෙවෙයි. අවුරුදු 18 වත් සම්පූර්න වෙලා තිබුනෙ නෑ.හුරතලේට දඟකාරකමට හැදිච්ච මාව ඔයා උස්සන් ආවෙ ලෝකෙම තියෙන සතුට මට දෙනව කියල පොරොන්දු දීල.මහා ලොකු දෙවල් මම ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මට ඕන වුනේ ඔයාගෙ ආදරේ විතරමයි.කවදා හරි මැරෙන දවස වෙනකන්ම ඔය ඇස් අස්සෙ හිර වෙලා ජීවිතේ ඇහිදින්න මම පෙරුම් පිරුව.හැමදාම රෑට ඔය සුදු කකුල් අල්ලල වැඳල නින්දට ගිය මාව ඔයා හරිම ලේසියෙන් බැල්ලියෙක් වගේ එළියට ඇදල දැම්ම.සමහරුනම් කියනව අද ඔයා ඒ ගැන කම්පා වෙනවා කියල.එත් එදා... හරි වැරද්ද තෝරගන්න පුලුවන් තැනක නෙවෙයි ඔයා හිටියේ.තහනම් සුවඳකට වහ වැටිල ඔයා හිටියෙ ඒ සුවඳින් ජීවිතේම වල්මත් කරගෙන අන්ධ වුන ගානට.අනේ මම එදා වගේම අදත් ඔයාගෙන් අහනවා....එහෙම වෙන්න තරම් මොකක්ද මගෙන් ඔයාට වුන අඩුව ? මේ ප්‍රශ්නෙට උත්තර මම කවදහරි මැරෙනකන්ම බලන් ඉන්නව. ඉඩක් තියෙනවනම් ඇවිත් උත්තර දීල යනවද.....?



කැණිමඬළ ගිනිවදී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී

පති දහම් රැක්කෙමී
ඔබ නමට කැප වුණී
කිරි සිනහ විසිරුණී
කැදැළ්ලම හැඩවුණී

කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී

18 comments:

දයානන්ද රත්නායක said...

ගීයකට ඇන්ද චිත්‍රයක් වගේ.. කවියේ කියන අදහස ට ගැලපෙන්නම සිතුවිල්ල ඇඳල තියෙනවා.

මේකට ගැලපෙන ලස්සන ගිතයක් තියෙනවා ගයන්නේ දිවුල්ගනේ

" විඳිමි දඬුවම්
කඩා බිඳ දැමූ වරදකට
ගිවිසුම්..
මෙනෙහි කරමින් යටගියාවේ
සොඳුරු සැමරුම්...
විඳිමි දඬුවම්.."

meegodaya said...

ලස්සන කවක්...

පුදුම හිතුනා මේ කවිය දැක්කහම.. මම ඊයෙ ලිව්ව මේ කවියෙම පිරිමි වර්ෂන් එක

Dinesh said...

මාර විදිහට හිතට දැනුනා අක්කේ මේ කතාවනම්.. :(

සචිත් said...

සඳකඩ පහනක කැටයම් මැකිලා
පාවෙන දේදුනු ලැගුම් ගනී නොපෙනෙනේ ඇතක
ඇ ගෙන යද්දි ................


ලස්සනයි මට මේ සින්දුව මතක් වුණා...........

ලොක්කයියා said...

// කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී //

හිතට දැනුනා.. හරිම ලස්සනයි..

හිතුවක්කාර කෙල්ල said...

හරිම සංවේදියි!!! දුකයි!!! අනේ මංදා.. කාටවත් ඔහොම දෙයක් වෙන්න එපා...

රොබින් said...

රුපියල් සතවලින් ලියවුනු
අසම්මතයෙන් බැදුනු
දුක්බරව දිව්ය ගෙවුනු
නූතන පටාචාරව උබද හමුවුනු ?

නන්ඳු said...

:(
අතීතය සිහිනයක් පමණයි.. දුකක් දැනුනා ගොඩක්.. :(

ඉරණම්කාරී said...

දයානන්ද රත්නායක - ස්තූති ඔබට, මම වඩාත් ප්‍රිය කරන ගීතයක් මෙය

ඉරණම්කාරී said...

mee godaya - පැමිණීමට සහ කමෙට් එකට ස්තූති.ඔබටත් බ්ලොග් එකක් තියෙනවද ?

ඉරණම්කාරී said...

Dinesh -ඇත්ත තිත්තයි මල්ලි

ඉරණම්කාරී said...

සචිත් - ස්තූති සචිත්

ඉරණම්කාරී said...

Lokkaiyaa - ස්තූති ලොක්කයියේ, ලස්සනද ? දුකද ?

ඉරණම්කාරී said...

හිතුවක්කාරි - ඔව් හිතූ හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා

ඉරණම්කාරී said...

රොබින් - කලෙක යශෝදරාවකි
විටෙක කිසාගෝතමියකි
පටචාරද වුනෙමි
උත්පලවණ්නාද මම වෙමි

ඉරණම්කාරී said...

නන්ඳු - හ්ම් ඔව් නන්ඳූ

ලොක්කයියා said...

Lokkaiyaa - ස්තූති ලොක්කයියේ, ලස්සනද ? දුකද ?

Reply :
මට ඒ දෙකම දැනුනා.. දුක තියන හින්දනේ මේ ලොකේ සතුට කියල දෙයක් තියෙන්නෙ.. සමබරව හිතන්න. අනික ඔයා ගොඩාක් ලස්සනට ලියනවා.. කාලයත් එක්ක ගොඩාක් දේවල් වෙනස් වෙනවා. ඉන්න ටික කාලේ සතුටින් ඉමු...

samadhi said...

/*--කැණිමඬළ ගිනිවදී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී
--*/

හා පැටැව් හොඳින් බලා ගන්න, දවසක ඔයාගේ මුලු හිතින්ම හිනා වෙනා ලැබේවි. එහෙම වෙන්න කියලා පතනවා..
ආයේ ඔයාව හොයාගෙන එන්න "එයාට" සිද්ද වෙයි

Post a Comment