May 28, 2012

කාට කියන්නද මේ දුක..... ඔබ හැර





  " රාත්‍රිය වී නිහඬව නිසළව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුඳුරු වුනේ ඇයි
    හිමිසඳුනේ........."

නිදි නැතිව ගෙවෙන පාලු රාත්‍රිය සිසාරා කොහේදෝ ඈතකින් ඒ ගී හඬ ගලාගෙන  එනව.පපුව හිර කරගෙන ඇස් වලට උණන ලොකු කඳුළු බිඳුවක් එක්ක ඔයා මගේ මතකෙට එනව.හදවතටන කතා කරන මේ වගේ ගීතයක් කණ වැකෙද්දි ..... සේකරයන්ගේ පද පෙළක් නෙත ගැටෙද්දි.....සන්නස්ගලගෙ වස්සාන සිහිනේ ආයේ ආයේ  කියව කියව හිත පාරගනිද්දි මට ඔයාව මතක් වෙන්නව.


                ඔයා දැන් මගෙ නෙවෙයි කියල කොච්චර මේ හිතට මතක් කරල දුන්නත් හිත එක පිළිගන්න කැමති නෑ........අඬන්නෙපා කිව්වට ඇස් දෙක අහන්නේ නෑ.......මට කියන්න මාව අමතක කරල සතුටින් ඉන්න ඔයාට පුලුවන් වුනාද.......? දවසට එක  සැරයක්..... එකෝම එක සැරයක්වත් මාව මතක් වෙන්නෙ නැද්ද....?

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මම දුක් විඳින අන්දම
 කියන් නෑ මං කාටවත් හෙම
 බනින්නේ උන් නුඹට හින්දම

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මං ඔය සුවඳ විඳ විඳ
ලියන තරමක් හිතින් කව් පද
දන්නෙ නෑ වෙන කවුරුවත් හෙම

ඔබේ ඇස් දෙක මතක් කර කර
හුදකලාවම ගෙවන දිගු රැය
නුඹට මං ගැන වගක් නැති වග
දැන දැනත් මම නොදන්නා ලෙස

15 comments:

Unknown said...

ලේසිම ක්‍රමේ තමා ඔය දුක කොලේක ලියලා ඟගේ පා කරලා අරින එක.......................JUST A JOKE හොදේ? හොද කවි පේලියක් දිගටම ලියන්න.

සංකල්ප said...

ගිය දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ හලෝ. ඉස්සරහට වෙන්ඩ තියෙන දේවල් වලට මූන දෙන්න.

රොබින් said...

හිතට වදින සිංදුවක්.....

දයානන්ද රත්නායක said...

කවිය නම් කවියෙන් එහා ගිය ගිතාත්මක සිතුව්ල්ලක්. ලියපු කවි තතත් අපූරුවට ඒක ගී අකෘතියෙන් ලියා තියෙනවා.

මානවක said...

නුඹේ ඇස් දෙක මතක් කර කර
මගේ ඇස් අද විඳින ගින්දර
සඳත් එන්නැති සීත රැයකට
මගේ නාමෙන් වෙයන් උණුහුම

සිරා කවියක් ...හිතට දැනෙනවා ...........

Dinesh said...

අතීතය තරම් ජීවිතයට වද දෙන දෙයක් තව තියෙනවද..

ලොක්කයියා said...

සිතිවිල්ල වගෙම කවියත් හරිම සුන්දරයි..

"ඔයා දැන් මගෙ නෙවෙයි කියල කොච්චර මේ හිතට මතක් කරල දුන්නත් හිත එක පිළිගන්න කැමති නෑ......."

ඉරණම්කාරී said...

IP MAN - ජෝක් එකක් උනත් එක හරි කියලා මට හිතෙනවා.ගඟක මුහුදක දාලා හරි මේ මතකය ඈත් කරන්න පුලුවන්නම්

ඉරණම්කාරී said...

මධුරංග - හ්ම්ම්ම් ඔව්.... ඒත් කරන්න බැරිත් ඒකමනෙ

ඉරණම්කාරී said...

දයානන්ද රත්නායක - ස්තූති ඔබට

ඉරණම්කාරී said...

රොබින් - ඔව් ඔබ හරි

ඉරණම්කාරී said...

මානවක - ඔයාගේ පද හතරත් බොහොම අපූරුයි

ඉරණම්කාරී said...

Dinesh - මම වගේම මල්ලිත් ඒක හොදටම දන්නවා ..ඔයා ලියන දෙවල් බැලුවම මට ඒක දැනෙනවා

ඉරණම්කාරී said...

Lokkaiyaa - ස්තූති ලොක්කයියේ.... හ්ම් හිත පිලිගන්න අකමැති ඇත්ත කොච්චරක්නම් තියෙනවද

Asa said...

අතීතය සිහිනයක් විතරයි කියලා හිතන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා කවිය කියෙව්වහම.

එක දුක්බර හැඟුමක්(අතීතයක්) අවදි කලා ඒ කවිය මගේ සිත තුළ

Post a Comment