skip to main |
skip to sidebar
කියන්නකෝ...
දවසට එකම එක පාරක්වත් මාව
මතක් වෙනවද.....
අපේ ආදරේ..... ඒ ලස්සන දවස්.....
තාමත් මතක තියෙනවද......
කියන්නකෝ....
ඔය ඇස් තාමත් කතාකරනවද......
දන්නවද.....
මම තාමත් ආසම.....
ආදරේම.....
ඔය ඇස් දෙකට තමා
ලෝකෙට පේන්න හිනා වෙලා සතුටින් බව
ඇගෙව්වට
මම වගේම ඔයත් හිතින් අඬනව නේද....?
ඉතින්....
මාව දාල ගියාට
ඔයාට සැනසීමක් නෑ නේද....
ඔයාගෙ හිත ඔයාට දොස් කියනව නේද...
මම වගේම නිදි නැතුව
ඔයත් මහ රෑට රහසින් අඬනව නේද...
කියන්නකො...
මේ හැමදේම ඇත්තනම්
තාමත් ඔයා මට ආදරෙයි නේද....?