ඔයා හරිම ලේසියෙන් අමතක කරපු , තාමත් අමතක කරගන්න බැරුව මං විඳවන ඒ මතකය මාව රිදවන තරම් ඔයා දන්නේ නෑ....ආදරේ වෙනුවෙන් හැමදේම අත්හැරල ඔයාවම ඔයාවම විතරක් විශ්වාස කරල ආව මට ඔයා මේ දුන්න දඬුවම දරුණු වැඩී කියල ඔයාට එක මොහොතකටවත් හිතුනේ නැද්ද...?
ඔයා එක්ක එනකොට මම මහා ලොකු ගෑණියෙක් නෙවෙයි. අවුරුදු 18 වත් සම්පූර්න වෙලා තිබුනෙ නෑ.හුරතලේට දඟකාරකමට හැදිච්ච මාව ඔයා උස්සන් ආවෙ ලෝකෙම තියෙන සතුට මට දෙනව කියල පොරොන්දු දීල.මහා ලොකු දෙවල් මම ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මට ඕන වුනේ ඔයාගෙ ආදරේ විතරමයි.කවදා හරි මැරෙන දවස වෙනකන්ම ඔය ඇස් අස්සෙ හිර වෙලා ජීවිතේ ඇහිදින්න මම පෙරුම් පිරුව.හැමදාම රෑට ඔය සුදු කකුල් අල්ලල වැඳල නින්දට ගිය මාව ඔයා හරිම ලේසියෙන් බැල්ලියෙක් වගේ එළියට ඇදල දැම්ම.සමහරුනම් කියනව අද ඔයා ඒ ගැන කම්පා වෙනවා කියල.එත් එදා... හරි වැරද්ද තෝරගන්න පුලුවන් තැනක නෙවෙයි ඔයා හිටියේ.තහනම් සුවඳකට වහ වැටිල ඔයා හිටියෙ ඒ සුවඳින් ජීවිතේම වල්මත් කරගෙන අන්ධ වුන ගානට.අනේ මම එදා වගේම අදත් ඔයාගෙන් අහනවා....එහෙම වෙන්න තරම් මොකක්ද මගෙන් ඔයාට වුන අඩුව ? මේ ප්‍රශ්නෙට උත්තර මම කවදහරි මැරෙනකන්ම බලන් ඉන්නව. ඉඩක් තියෙනවනම් ඇවිත් උත්තර දීල යනවද.....?
කැණිමඬළ ගිනිවදී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී
පති දහම් රැක්කෙමී
ඔබ නමට කැප වුණී
කිරි සිනහ විසිරුණී
කැදැළ්ලම හැඩවුණී
කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී
පති දහම් රැක්කෙමී
ඔබ නමට කැප වුණී
කිරි සිනහ විසිරුණී
කැදැළ්ලම හැඩවුණී
කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී