skip to main |
skip to sidebar
සෙනෙහසේ ගං දෑළ කෙළවරක
නුඹ පිපී උන් අරුම ඉස්සරම
කෙකටියා මල් සුවඳ ගෙන වඩින
මුඳු සුළඟ පවසාවි මට දුකින
යෞවනේ උයන මත සැරිසරණ
නෙක බිඟුන් පැතුවාට මුඳු පහස
නොවී අවනත බඹර පහසකට
තනි වෙච්ච තනි රෝස මල තවම
ජීවිතේ දිගු ගමන් මග මෙහෙම
යනෙන විට අත් වාරුවක් නැතුව
අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ
මට තව අඬන්න ඕනෙ..... ඒත් කෝ කඳුළු.....පහුගිය අවුරුදු අට පුරාම ඔයා හිතේ හැටියට හිනා වෙද්දි මම කලේ හිතේ හැටියට අඬපු එක.... විඳවපු එක...දැන් මේ කඳුලු මටම අප්පිරියයි....ඔව් ඇත්තටම ඔයාගේ මතකය මට මහා අප්පිරියයි...ඒත් ඒත් ... ඒ අතීතෙට මම තාමත් ආදරෙයි... ඒ නිසා මට ඔයාව අමතක කරන්න බෑ....
මතකද කාලයක් අපි හරි සතුටින් හිටිය....? පාන්දරම නැගිටල උයල ඔයා වැඩට යන්න ලෑස්ති වෙනකං මම පොඩි එකෙක්ට වගේ ඔයා පස්සේ වැටි වැටී ඔයාට බත් කැව්වා. ඒ දවස්වල හැමදාමත් ඔයා මම කවන බත් එක කාලා උදේ වැඩට ගියේ.... හැමදාමත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නින්දට ගිය මං ගැන තමා ඔයා පස්සේ කාලෙක අර ඔයාගේ ජීවිතේට රිංගපු අනිත් කෙනාට මහ හුගක් වැරදි අඩුපාඩු කියලා තිබුනේ...ඒ ගැන මට පුදුමයක් නෑ මොකද තමන්ගේ ගෑණිගේ හොද කිය කිය වෙන ගෑණියෙක්ට ළං වෙන්න බෑනේ.ඔයා විතරක් නෙවෙයි කොයි පිරිමියත් ඔය අවස්ථාවේදී කරන්නෙ ඔයා කරපු දේමයි.ඒත් .. ඒත්... ඔයාගේ හදවත ඇත්ත දන්නවා නේද ....?
" මට සමාවෙන්න... මම වරදක් කලා " කියල කවදාවත් ඇවිත් නොකිව්වට කමක් නෑ. ඒත් ඔයා අන්තිම හුස්ම හෙලන කවදම හරි දවසක ඔයා ඔයාගේ හෘදසාක්ශියට එක තප්පරේකට හරි ඇහුම්කන් දෙන්න.එදාට ඔය ඇස් වලින් මං වෙනුවෙන් කඳුළක් වැටෙනවාමයි.