Jan 31, 2012

දික්කසාද පෙම්බරී !

                                 මී කුණක් මෙන් අප්පිරියාවෙන් වළ දැම්ම අතීතය ගොඩට අරගෙන මම මේ හදන්නෙ ආපහු පලාතම ගද ගස්සන්නද කියල මටම වෙලාවකට හිතෙනව.මේකෙන් රිදෙන්නෙත් මගෙම හිත විතරමද....... නෑ ... කවද හරි කවදාම හරි ඔයා මේක බලන්න ඕනෙ...... කියවන්න ඕනෙ.........මගේ එකම ප්‍රාර්තනය ඒක තමා. මං වගේම ඔයත් විඳවන්න ඕනෙ...... මට දැනෙන මේ දුකම ඔයාටත් දැනෙන්න ඕනෙ...... තරහකට නෙමෙයි මෙහෙම කියන්නෙ..මං විඳපු , තාමත් විඳවන මේ දුක ඔයාටත් යන්තමට හරි දැනෙනවද කියල මට දැනගන්න ඕනෙ..... 


                               වසර හතරක ප්‍රේමය..... වසර හයක කසාඳ ජීවිතය ලේසියෙන්......හරිම ලේසියෙන් අත  ඇරල ඔයා යන්න ගියා..... මට මුකුත් අහන්න බැරි වුණා.... අහපු දේවල් වලටවත් ඔයාගෙන් උත්තර ලැබුනේ  නෑ. අදටත් සමහර දෙවල් මට ප්‍රශ්නයක්. ඒවට උත්තර හොයන්න දැන් ප්‍රමද වැඩී තමා. ඒත් මාව දාලා ගියේ ඇයි  කියලා අහන්න මට අයිතියක් තියෙනව....කවදා හරි මේක දැකලවත් මට ඒවට උත්තර ලැබුනොත් මට ඒ ඇති.

ඇහෙනවද............. 

              මං මේ ලියන්නෙ ඔයාට.......මේ ලියන්නෙ   මගෙ

             ජීවිතේ....  පරණ වෙච්ච කඩමාල්ලක්   වගේ  ඔයා පැත්තකට

           විසි කරපු මගෙ ජීවිතේ....මාව දාලා යද්දි  මට ඔයාට 

          කියන්න බැරි වුණ...... ඔයාගෙන් අහගන්න බැරි වු හැමදේම

         මම මේකේ ලියනව..... අද හෙට නැතත් කවදම හරි ඔයාට 

        මේක බලන්න ලැබෙයි එදාටවත් හිතුනොත් ඔයා කලේ 

         වරදක් කියල මට ඒ ඇති.




                          

7 comments:

හිතුවක්කාර කෙල්ල said...

මම ලියපු කමෙන්ට් එකට මොකක්ද වුනේ?? :O

දේව් ගේ අඩවිය said...

ඉරනම්කාරියේ ඇත්තටම මෙහෙම ඔයාට අසාධාරණයක් වෙලා තියනවානම් අනිවාර්යෙන්ම දවසක එයාට විදවන්න වෙනවාමයි,,,, ඒක ලෝක ස්වභාවය..

ඉරණම්කාරී said...

ස්තූති ඔයාල හැමෝටම.

හිතුවක්කාරියේ මම කොමෙන්ටුවල දාල තුබුන පාට පොඩ්ඩක් අපැහැදිලි ඒකයි පේන්න නැත්තේ දැන් හරි.

ම්.. ඔව් මේ මගෙ ජීවිතේ ....

හිතුවක්කාර කෙල්ල said...

මම දිගම දිග කමෙන්ට් එකක් දැම්මා.. ඒක නැද්ද කොහෙද, හ්ම්ම්ම් කමක් නෑ...අතීතෙ ගැන ආපහු හැරිලා දුක් ව්වී හිත පාරගන්න නම් එපා අක්කෙ. ඉස්සරහට ජීවිතේ ලස්සනට ඉන්න හිත හදාගමු..

word verification අයින් කලානම් comments දාන්න ලෙසියි:)

ඉරණම්කාරී said...

ඇත්තද හිතූ අනේ මම එහෙම එකක් දැක්කෙත් නෑ. මගේ බ්ලොග් එක අවුල් වෙලානෙ තිබුනේ. දැන් මුකුත් ප්‍රශිනයක් නෑ නේද කොමෙන්ටු දානකොට

Sam said...

ලියන්න හිතේ දුක ඉවරවෙනකම්....... හිතට සැනසීමක් ලැබේවි...

said...

කුනු ගොඩවල් වල දාලා ඒක උඩින් අලුත් පැලයක් හෙට්ව්වම ඒ කුණුවල සාරයත් අරන් හොඳට හැදෙනවා එහෙම නැතුව හැමදාම කුණු ගොඩ අවුස්ස අවුස්ස හිටියම හැමදාම ගඳ ගගහා තමා ඉන්න වෙන්නේ.

Post a Comment