Jan 31, 2012

මං මුලා වූයෙමි !

ජීවිතේ ඉස්සරම දවසක
යද්දි තනි මඟ හුදකලාවම
ඇවිත් මගෙ ඇස් ඉස්සරහටම
ආදරෙයි පණ වගේ ඇත්තට
කියා මගෙ හිත මුලා කල සඳ
රැවටුණා මගෙ බොළඳ හදවත


හීන හැමකට ඇවිත් හනිකට
මටත් මගෙ හිත අයිති නැති කොට
මගේ අහසට නුඹයි පුර හඳ
කියා පෙන්නා අහසෙ තරු කැට
බලෙන් පුබුදා පියුම් විල හද
උරා ගත්තා නැවුම් රොන් පොද

 පුදා බැති සිත තබා පුඳසුන
වෙන් කලා හද දෙවොළම නුඹටම
මහාගිරිදඹ වගේ උසකට
අරන් විත් මහ දුරක් හනිකට
යනවවත් නොකියාම දවසක
ගිහින් නුඹ මං තාම එතනම

3 comments:

හිතුවක්කාරි said...

//යනවවත් නොකියාම දවසක
ගිහින් නුඹ මං තාම එතනම//

හුඟාක් අය යන්නෙ නොකියාම තමා අක්කෙ..:( ගිය අය ගැන හිතලා එකතැන නවතින්න එපා.ඉස්සරහටම යන්න.. ජය!!

ඉරණම්කාරී said...

බොහොම ස්තූති නගා ..... ඔව් යන අය යනවමයි එයාලව නවත්තලා වැඩක් නෑ

Sam said...

යන අයට යන්න දෙන්න, නවත්වන්න එපා..... අහම්බෙන් වගේ මේ වෙබ් සය්ට් එකට අවේ අද .... ඔය වගේම විදවන, ඔය අත්දැකීමට මුන දුන්න අය ඕනි තරම් ඉන්නවා...

Post a Comment