Feb 2, 2012

මතක කඳුළු !



වෙරළබඬ දුම් රිය මාර්ගයේ දිවෙන
දුම් රිය පෙට්ටියක මං විතරක් තට්ට තනියම
හුදකලා වෙලා
ඉමක් කොණක් පේන්නෙ නැති මහ සාගරය
මගේ ඇස් ඉස්සරහ හෝ ග ගා රැළි ගහනව
හැම දෙයක්ම ඉස්සර වගේමයි.........
කාලෙකට ඉස්සර සුනාමිය ඇවිත් අරන් ගිය
සමහර දේවල් වල පුංචි පුංචි ෂේශයන් ඇරෙන්න
අනිත් හැමදෙම එදා තිබුණ විදියමයි.....වෙනසකට තියෙන්නෙ එදා වගේ මේ වෙරල තීරයේ
දුව පැන ඇවිද්ද අපි දෙන්නා
නැති එක විතරමයි.....එත්....
අපි නැති උනා කියල මේ පරිසරයට කිසිම ගානක් නෑ
අපි වගේ තව අනන්ත අප්‍රමාණ පෙම්වතුන්
එදා අපි වගේම මේ වෙරළ තීරය දිගේ
අත් පටලන් ඇවිද යනව.....
පපුව හිරවෙලා ඇස් දෙකට උණන
කඳුළකින් හැමදේම බොඳවෙලා යනව....
ඉතින්.......
සවන් දෙන්න...
මේ ගල්කිස්ස දුම් රිය ස්ථානයයි.....
මගේ ජීවිතේ....
මගේ ආදරේ....
මගේ කඳුළේ....
සදාකාලික නැවතුම් පොළයි....

4 comments:

Dinesh said...

ලස්සන අදහසක්.. අකුරුවල පාට පොඩ්ඩක් වෙනස් උනානම් හොදයි කියලා හිතෙනවා..

දේවා ගේ අඩවිය said...

මේ ලියවෙන්නේ ඔයාගේ ජිවිතේ නම් ඇත්තටම හැගුම්බරයි.....

ඔයා කමෙන්ට් වල අකුරු වල පාට වෙනස් කරන්න,

ඉරණම්කාරී said...

ස්තූති දේවා .. මම එහෙම කලා...

ඉරණම්කාරී said...

ස්තූති ඔබටත්

Post a Comment