Feb 13, 2012

අද ආදරේ දවස ...... ළු.... !


අද පෙම්වතුන්ගේ දවසලු.......උඩ දාගෙන මේ ගොල්ලො මේ සමරන්න හදන්නෙ ප්‍රේමයමද කියල මට තේරුමක් නෑ.ආදරේ කරන්න එක දවසක් ඕනෙ නෑ කියන එක යම් තරමකට පරිණත ගැහැණියක් හැටියට මමත් අද පිලිගන්න සත්‍යයක්.එත් මීට අවුරුදු පහළොවකට දාසයකට ඉස්සර දවස්වල මමත් මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටපු කාලයක් තිබුණ.පෙබරවාරි දාහතර වෙනිදට කලින් මාස ගානක් තිස්සෙ පොකට් මනී වලින් සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල , සමහර දවස්වලට ඉස්කෝලෙදි කෑම නොකා බඩගින්නෙ ඉදල පුංචි චොකලට් පෙත්තක් , වැඩිය මිල නැති ඒත්  හරිම ලස්සන පුංචි සිහිවටනයක් , හරි හුරතල් පාට සුභ පැතුමක් ...... ඔය වගේ  චූටි චූටි දේවල් ටිකක් එකතු කරගන්න පෙරුම් පුරන තරං..... අමාරුවෙන් ඒ ටික එකතු කරගත්තට පස්සෙ ඒක ඔයාගේ අතට දෙන්න විදියක් හොයා ගන්න විඳින දුකක්...... සත්තයි ඒ කාලෙ සුන්දරයි මහ හුගක්..... 

  අද කෙල්ලො කොල්ලො විදින අසීමිත නිදහස  කවදාවත් අපිට තිබිල නෑ.ආදරවන්තයන්ගෙ දිනයට සුභ පැතුමක්, චොකලට් එකක් , රෝස මලක් වගේ දෙයක් දෙනවා ඇරෙන්න මහා ලොකු දෙවල් අපි දැනගෙන හිටියේ නෑ. ඒ හැමදෙයක්ම ඇතුලේ තිබුනේ අහිංසක කමක් ..... ආදරයක්.... හුරතල් බවක්..... ඒත් අද පෙම්වතුන්ගේ දිනය කූට වෙළදුන්ගේ මඩිය තර වෙන දවසක් වෙල , තානයම් ලැගුම් හල් වලට ඉහල ආදායම් ලැබෙන දිනයක් වෙල , මීඩියා වලට තළු මරන්න හොද මාතෘකාවක් වෙලා.....

         කාලෙ වෙනස් තාලෙ අළුත්.... මං මේ හැමදේ දිහාම බලාගෙන තාමත්  මගේ ඒ ලස්සන අතීතේ ජීවත් වෙනව.එහෙම ජීවත් වෙනකොට මට අමතක වෙනව හරීම අහිංසක.... හරීම දුප්පත්  විදියට .... මහ හුගාක් ප්‍රේමණීය විදියට පෙම්වතුන්ගේ දිනය සමරන්න මා එක්ක එකතු වුණු ඔයා අද මං ලඟ නෑ කියල.මගෙන් ඈතට ගිය ඔයත් අද මේ හමා යන රැල්ලට අහුවෙලා දුර ඈතකටම  ගසාගේන් ගිහින්. ඉතින් ඔයා නැතුව මට කොයින්ද පෙම්වතුන්ගේ දවසක්.
                                      
    ඒත් ඔයාට සුභම සුභ ප්‍රේමණීය දවසක්ම වේවා!                               

6 comments:

Dinesh said...

කාලෙන් කාලෙට අපි මේ දවස සමරණ හැටි වෙනස් වෙනවා.. ඉස්කෝලේ යද්දි චොකලට් හංගගෙන ගියපු කාලයක් තිබ්බා.. දැන්නම් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..

ඉරණම්කාරී said...

හ්ම්... ඔව්.. කාලයක් කරන පෙරලියක්

වර්ණා said...

හ්ම්ම් මාවත් අතීතෙට අරන් ගියා..

හිතුවක්කාරි said...

//අද කෙල්ලො කොල්ලො විදින අසීමිත නිදහස කවදාවත් අපිට තිබිල නෑ.ආදරවන්තයන්ගෙ දිනයට සුභ පැතුමක්, චොකලට් එකක් , රෝස මලක් වගේ දෙයක් දෙනවා ඇරෙන්න මහා ලොකු දෙවල් අපි දැනගෙන හිටියේ නෑ. ඒ හැමදෙයක්ම ඇතුලේ තිබුනේ අහිංසක කමක් ..... ආදරයක්.... හුරතල් බවක්..... //

ඇත්ත තමා අක්කි..එහෙම හුරතල් පුංචි බොළඳ වැඩ මාත් කරලා තියෙනවා..ඉස්කෝලෙ කාලෙ මතක් කලා මට ඔයාගෙ ලිපිය.අනේ මංදා.. දැන් නම් ඔක්කොම වෙනස් වෙලා තමා.කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා අක්කෙ..

නන්ඳු said...

අතීතයේ කොයිතරම් නම් දේවල් වර්තමාණයෙදි වෙනස් වෙනවද.. එදා තිබුණ අහිංසක ආදරයක් වෙනුවට අද තියෙන්නෙ වෙනම අරුතක් තැවරණ ආදරයක්.. ඉතින් තව ඉදිරියට.. :(

ඉරණම්කාරී said...

වර්ණා , හිතූ , නන්ඳු............. සහෝදරියන් 3 දෙනාටම බොහොම ස්තූති මේ පැත්තට ඇවිත් ගියාට.

Post a Comment