Mar 5, 2012

ඔබ ගියත් මගෙන් දුරස් වී !


කියන්නකෝ...
දවසට එකම එක පාරක්වත් මාව
මතක් වෙනවද.....
අපේ ආදරේ..... ඒ ලස්සන දවස්.....
තාමත් මතක තියෙනවද......
කියන්නකෝ....
ඔය ඇස් තාමත් කතාකරනවද......
දන්නවද.....
මම තාමත් ආසම.....
ආදරේම.....
ඔය ඇස් දෙකට තමා
ලෝකෙට පේන්න හිනා වෙලා සතුටින් බව
ඇගෙව්වට
මම වගේම ඔයත්  හිතින් අඬනව නේද....?
ඉතින්....
මාව දාල ගියාට
ඔයාට සැනසීමක් නෑ නේද....
ඔයාගෙ හිත ඔයාට දොස් කියනව නේද...
මම වගේම නිදි නැතුව
ඔයත් මහ රෑට  රහසින් අඬනව නේද...
කියන්නකො...
මේ හැමදේම ඇත්තනම්
තාමත් ඔයා මට ආදරෙයි නේද....?

7 comments:

Dinesh said...

සමහර දේවල් අමතකයි කියලා ගොඩක් දෙනෙක් කියන්න උත්සාහ කලත් ඒ දේවල් කාටවත් අමතක වෙන්නේ නෑ..

වර්ණා said...

මේ වගේ ආදරණිය කවි කියවන්න අකමැති.. දුකයි.

ඉරණම්කාරී said...

Dinesh -ඔව් දිනේශ් මල්ලි අමතක කරන්න ඕන දෙවල්මයි වැඩියෙන් මතකෙට එන්නෙ

වර්ණා - මටත් එහෙමයි ඒත් මම කියවනවා

Sam said...

හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්තනම්......

ඉරණම්කාරී said...

Sam - එහෙනම් වාසනාවක්

නාකියා said...

මේ වගේ සිද්ධි වලදි දෙන්නම මෙහෙම විදවනවනම් දෙපැත්තකට වෙලා, ඇයි දෙයියනේ වෙච්ච වැරදි නිවැරදි කර ගන්නෙ නැත්තේ මිනිස්සු.....


ප.ලි. කොමෙන්ටු දාද්දි ඉංගිරිස් කොටන්න තියෙන එක අයින් කරනවද තරහ නැතුව.. :)

ඉරණම්කාරී said...

නාකියා - හ්ම් ... ඔව් මම සමාව දෙන්න සූදානම් උනත් එයා වරද පිලිගන්න කැමති උනේ නෑ. ගොඩක් අය එහෙමයි. එයාලා අතින් වරදක් උනා කියලා පිලිගන්න කැමති නෑ. ආයෙ ආයෙ ඒ වරදම කරනවා.
මම හිතන්නෙ දැන් හරි මම ඒක හැදුවා

Post a Comment