Apr 27, 2012

කාලය මැව් වෙනසක අරුමය !



ආදරණීය ----------
ඔයාට මතකද?

අපි අපේම වුනාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලාම
නිදා ගත්ත පුංචි ඇද
පුංචිම පුංචි නෝක්කාඩුවකටවත්
දෙපැත්තට හැරිල නිදා ගන්න ඉඩක් තිබුනෙ නෑ

කාලයක් යද්දි..........

අපි ලො....කූ.... ඇදක් ගත්ත
නෝක්කාඩු වල කෙළවරක් නෑ
කඳුළු වලට සීමාවක් නෑ
අපි අතර මහා හිස් තැනක්

අනේ අහන්න....

අපි මේ හැමදේම අත ඇරල
ආයෙමත් අර පුංචිම තැනින්
ජීවිතය පටන් ගමුද....?

15 comments:

ලොක්කයියා said...

මාත් ආසයි පටන් ගන්න,
පුංචිම තැනින් ආයෙමත්,
බිඳුනු හීන ඔක්කොම,
අලුතෙන් දකින්න ආයෙමත්,

දෑත් පටලාගෙන වෙරළ කොනේ,
ඇවිද යන්න ආයෙමත්,
සඳවතියේ නුඹ එනවද,
එළිය දෙන්න ආයෙමත්....

ඉරණම්කාරී said...

Lokkaiyaa - ස්තූති ගොඩ වැදුනට මේ පැත්තට

sAm (සෑම්) said...

නියමයි..

ඉඩක් අඩු තැන
හිස් තැනක් නැත
සෙනෙහෙ ඇති තැන
කදුලට ඉඩක් නැත

ජය !

දයානන්ද රත්නායක said...

අහම්බෙන් මූණු පොතේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හි තිබිලා මේක ඇහැ ගැහුනේ. ඒ නිසා ගොඩ වැදුනා.
කවිය නම් ලස්සනයි මතුපිට අරුතට වඩා යටින් දිවෙන අරුත තුල විහාල අදහසක් හැංගිලා තියෙනවා.
අපේක්ෂාවන් අතර රික්තය හෝ පරිමාව අපි හැම විටම පෙළනවා. ඔබ හරි.

MR. KING said...

නියමයි.... සුපිරියි... පංකාදුයි...
හිතට වැදුනා..

ඉරණම්කාරී said...

sAm (සෑම්)- ස්තූති සෑම්.... ඔව් ඔයා හරි... මම කැමති මේ පද හතරට

ඉරණම්කාරී said...

දයානන්ද රත්නායක - ස්තූති ඔබට මේ පැත්තට ආවට.ඔව් ජීවිතේට මහා ලොකු ලොකු දෙවල් ලැබෙද්දි හරිම පුංචි ඒත් වටිනාම දෙවල් අපිට මග ඇරෙනවා

ඉරණම්කාරී said...

අඩවි රජා - ස්තූති ඔබටත්

සංකල්ප said...

මොනාහරි දෙයක් ලැබෙනකොට තව දෙයක් නැතිව යනවා. ඒක මම් එදත් විස්වාස කළා. අදත් එහෙම්මමයි.

සංකල්ප said...

ඔන්න මම් තමා ඔයැයිගේ 20වෙනි ෆලෝවර්.

Dinesh said...

කාලෙකට පස්සේ අක්කගෙන් පෝස්ට් එකක්..

ඉරණම්කාරී said...

මධුරංග- සාදරෙන් පිලිගන්නවා ඔයාව මල්ලි. ඔව් ඒ ලැබෙන දෙට වඩා නොලැබී යන දෙට අපි ඊට පස්සේ ඇලුම් කරනවා

ඉරණම්කාරී said...

Dinesh - ඔව් මල්ලි ගොඩක් දවසකින් තමා ලියන්න මොන තරම් දෙවල් තිබුනත් සමහර වෙලාවත් හිතෙනවා ඇයි මම ආයෙත් මේ දික හිතට ගන්නේ කියල. මොකද මේවා නිර්මාණ නෙවෙයි නෙ මල්ලි මේ මගේ ජීවිතය

හිතුවක්කාර කෙල්ල said...
This comment has been removed by the author.
හිතුවක්කාර කෙල්ල said...

කලින් එක ඩිලීට් කලා පොඩි වැරදීමකින්.. ම්ම්ම් හැමදාම වගේ අක්කාගෙ නිර්මාණෙ අදත් හැංගිච්ච දුකක් තියෙන හැඩයි!!!හැබැයි හැම දෙයක්ම අතෑරලා දාලා ඔයා ආයෙත් ජීවිතේ පටන්ගන්නවානම් මම සුභ පතනවා..

Post a Comment