Jun 11, 2012

මං හින්දා දවසක ඔබ හඬාවි !






සෙනෙහසේ ගං දෑළ කෙළවරක
නුඹ පිපී උන් අරුම ඉස්සරම
කෙකටියා මල් සුවඳ ගෙන වඩින
මුඳු සුළඟ පවසාවි මට දුකින


යෞවනේ උයන මත සැරිසරණ
නෙක බිඟුන් පැතුවාට මුඳු පහස
නොවී අවනත බඹර පහසකට
තනි වෙච්ච තනි රෝස මල තවම


ජීවිතේ දිගු ගමන් මග මෙහෙම
යනෙන විට අත් වාරුවක් නැතුව
අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ


 මට තව අඬන්න ඕනෙ..... ඒත් කෝ කඳුළු.....පහුගිය අවුරුදු අට පුරාම ඔයා  හිතේ හැටියට හිනා වෙද්දි මම  කලේ හිතේ හැටියට අඬපු එක.... විඳවපු එක...දැන් මේ කඳුලු මටම අප්පිරියයි....ඔව් ඇත්තටම ඔයාගේ මතකය මට මහා අප්පිරියයි...ඒත් ඒත් ... ඒ අතීතෙට මම තාමත් ආදරෙයි... ඒ නිසා මට ඔයාව අමතක කරන්න බෑ....

        මතකද කාලයක් අපි හරි සතුටින් හිටිය....? පාන්දරම නැගිටල උයල  ඔයා වැඩට යන්න ලෑස්ති වෙනකං මම පොඩි එකෙක්ට වගේ ඔයා පස්සේ වැටි වැටී ඔයාට බත් කැව්වා. ඒ දවස්වල හැමදාමත් ඔයා  මම කවන බත් එක කාලා උදේ වැඩට ගියේ.... හැමදාමත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නින්දට ගිය මං ගැන තමා ඔයා පස්සේ කාලෙක අර ඔයාගේ ජීවිතේට  රිංගපු අනිත් කෙනාට මහ හුගක් වැරදි අඩුපාඩු කියලා තිබුනේ...ඒ ගැන මට පුදුමයක් නෑ මොකද  තමන්ගේ ගෑණිගේ හොද කිය කිය  වෙන ගෑණියෙක්ට ළං වෙන්න බෑනේ.ඔයා විතරක් නෙවෙයි කොයි පිරිමියත්  ඔය අවස්ථාවේදී කරන්නෙ ඔයා කරපු දේමයි.ඒත් .. ඒත්... ඔයාගේ හදවත ඇත්ත දන්නවා නේද ....?

      " මට  සමාවෙන්න... මම වරදක් කලා " කියල කවදාවත් ඇවිත් නොකිව්වට කමක් නෑ. ඒත් ඔයා  අන්තිම හුස්ම හෙලන කවදම හරි දවසක ඔයා ඔයාගේ හෘදසාක්ශියට එක තප්පරේකට හරි ඇහුම්කන් දෙන්න.එදාට ඔය ඇස් වලින් මං  වෙනුවෙන් කඳුළක් වැටෙනවාමයි.

20 comments:

Hasitha Gunasinghe said...

මේ ඇත්ත කතාවක්ද ?? හරි සංවේදී කතාවක්

ඉරණම්කාරී said...

Hasitha -
මම මේ බ්ලොග් එක ලියන්නේ කෙනෙක්ට බලන්න. කවදම හරි එයා මේක දකීවි කියලා විශ්වාසෙකින්. ම්ම්ම් මගේ බ්ලොග් එකේ මුලටම ගිහින් බලන්න මේක ඇත්තද නැත්තද කියල

Hasitha Gunasinghe said...

ඔබේ විශ්වාසය, බලාපොරොත්තුව යථාර්ථයක් වෙන්න කියලා පතන්නම් :)

සංකල්ප said...

බලාපොරොත්තුවෙන් ඉන්න දේ ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා පතන්නම් !!!

රොබින් said...

ඔබේ බලාපොරොත්තුව නුදුරේදීම සපල වේවා...!!!!

දයානන්ද රත්නායක said...

මේ කියෙව්වාම මේ ගීය මතකයට නැගුණා..

"කඳුළක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදද ආයේ
හිතේ රැ‍ඳෙන්නේ ඔබගේ රුවමයි.
හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා...

meegodaya said...

දෙදෙනෙකුට එකම විදියට එකිනෙකා නොදැනෙන විට දෙදෙනාම විඳවනවා.. නැතිනම් කෙනෙක් විඳවද්දි අනෙකා විඳවනවා..

සංවේදී නිර්මාණයක්

ලොක්කයියා said...

//අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ//

ඔයා තනිවෙලා නෑ.. ඔයාගේ ආදරණීය හිත ඔයත් එක්කම ඉන්නවා.. හැමදේම හරියාවි..

Dinesh said...

අදත් හිතට දැනෙන්න ලියලා.. අපි නැතත් මේක කියවන්න ඕන කෙනා කියවනවනම් මේ දේවල්..

සිත්රූ සිහින said...

මම ප්‍රාර්ථනා කරනව අක්කෙ එයාට මේක කියවන්න ලැබෙන්න කියලා..ඒත් මේ දේවල් එයා කියෙව්වෙ නැතත් ඔයා දීපු මේ තරම් ආදරේ මතක් වෙද්දි එයා දැනටමත් හිතින් විඳවනව ඇති කියල මට හිතෙනවා..

ඉරණම්කාරී said...

Hasitha - ඔබට ස්තූති හසිත

ඉරණම්කාරී said...

මධුරංග - ස්තූති මල්ලි ඔයාටත් ඇත්තටම මේ බ්ලොග් එක ලියන්න ගන්නකොට මෙහෙක කට්ටිය මේකට ඒවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නෑ. ඒත් දැන් මෙහෙම කට්ටිය ඇවිත් හිත හැදෙන්න මොනාම හරි දෙයක් කියලා යන එක මට ගොඩක් හිතට ශක්තියක්

ඉරණම්කාරී said...

රොබින් - මමත් එහෙමම පතනවා රොබින්

ඉරණම්කාරී said...

දයානන්ද රත්නායක - ගීතයයන්ම් ලස්සනයි දයානන්ද මහත්මයා ඒත් එයාව හමුවීමේ බලාපොරොත්තුවක්නම් මට නෑ මොකද අද එයා වෙන කෙනෙක් සමග විවාහ වෙලා ඉන්නේ.

ඉරණම්කාරී said...

sAm - හ්ම්ම්ම්ම්

ඉරණම්කාරී said...

Lokkaiyaa - ස්තූති දිරිගැන්වීමට ලොක්කයියේ

ඉරණම්කාරී said...

Dinesh - ඔව් දිනේශ් මල්ලි කවදම හරි එයා කියවාවි.

ඉරණම්කාරී said...

සිත්රූ සිහින - ඔව් සිත් රූ මගේ ආදරේ බොරුවක් නෙවෙයිනම් එයා විඳවනවා

Asa said...

විඳවන්න එපා තවත් කියලා කිව්වට වැඩක් වෙන්නෙ නැති හින්දා එහෙම කියන්නෑ.අවුරුදු අටක් ආදරය නිසා ජීවිතේ විඳවනවා අක්කා.
එයා ඔයාට එහෙම කලේ ඇයි කියන්න මම දන්නෑ.ඒත් එයා කලේ ලොකු වැරුද්දක්.අක්කා තාමත් ආදරෙයි එයාට.

එයා විඳවාවි කවදහරි.ඒත් එයා විඳවනවා දැකලා අක්කට සතුටුවෙන්න පුළුවන් වෙයිද.එයා මේවා කියෝලා දුක්වෙන එක අක්කට සතුටක් වේවි කියලා මට හිතෙන්නෑ.
මොකද අක්කා එයාට වෛර කරන්නෑ.

වර්ණා said...

හරිම දුකයි අක්කේ. විශ්වාස කරන්න ඔහු අඬආවී එත් එදාට පරක්කු වැදී වේවි

Post a Comment