Jun 29, 2012

තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ !

                 


                                          හිතුවෙවත් නැති වෙලාවක හරිම අහඹු විදියට අද මට ඔයාව මුණ ගැහුණා.පපුව ගිනියම් වෙලා ඇස් දෙක සීතළ වුනා. මම බය උනා කඳුලු වලින් ඇස්  දෙක බොඳ උනොත් ඔයාව හරියට බලා ගන්න බැරි වෙයි කියල.උනන උනන හැම කඳුළක්ම ලේස්න්සුවට තෙත මාත්තු කර කර මම ඔයාට හොරෙන් ඔයා දිහාම බලන් හිටිය.ඔයා ඉස්සරට වැඩිය දැන් ගොඩක් මහතයි.ලොකු බඩගෙඩියකුත් දාලා. ඒත් අඩි හයකටත් වැඩිය උස ඔයාට ඒක ඒ තරම් කැත නෑ.රාක්ක අස්සෙ එහා මෙහා වෙන  ඔයාගෙන් වසං වෙවී ඔයාගෙ පස්සෙන් වැටි වැටී ඔයාව  ළඟට බලා ගන්න අනේ මම විඳපු දුකක් ඔයා දන්නවනම්.....

                                     මේක එච්චර හොද වැඩක් නෙවෙයි පුලුවන් ඉක්මනට මෙතනින් ඈත් වෙයන්... කියල මගේ බුද්ධිය මට කීප සැරයක්ම අනතුරු ඇගෙව්ව.ඒත් හදවත හිටියෙ ඒවා අහන්න පුලුවන් තරම් සිහි කල්පනාවකින් නෙවෙයි.වේලිලා කර කුට්ටං වෙච්ච හදවතේ හැම කේශ නාලිකාවකටම ලේ පිරෙනව මට දැනුන.මට ඕන උනේ ඔය ඇස් දිහා බලන්න. රාක්ක දිගේ උඩටත් පල්ලෙහාටත් දුව්න ඇස් මම මොහොතකට හොරෙන්ම අල්ල ගත්ත. තාම එදා වගේමයි කිසිම වෙනසක් නෑ....ඔයාට මම කොහොම කියන්නද ... තාමත් මම ආදරේම... ආසම ඔය ඇස් හ්ඩෙකට කියල....

                                          තප්පරයක් ගියේ නෑ එක පාරටම කොහේදෝ ඉඳන් ආපු එයා ඔයාගෙ අතින් අල්ල ගත්ත.. ඔයා හැරිල එයා දිහා බලල මොනාදෝ කිව්ව... මම දඩස් ගාලා අනිත් පැත්තට හැරුන... ඔව් ඒ තමා මම මේ ජීවිතේ දකින්න අකමැතිම දසුන... එයා ඔයා එක්ක...ඒ ඇත්ත පිළිගන්න අදටත් මේ ඇස් සූදනම් නෑ...මිලදී ගන්න තෝර ගත්ත අඩුම කුඩුම ටික එහෙමම  රාක්කෙකට අතඇරල මම එලියට දුවගෙන ආවා.එතකොටයි දන්නෙ  මහා හයියෙන්  වහින බව... මේ වැස්සට පුලුවන්ද මගේ කඳුළු වැස්ස පරාද කරන්න...මම තෙමි තෙමිම ඇවිත් ත්‍රීවීල් එකකට නැග්ග.ත්‍රීවීල් එකේ මහ සද්දෙට දාල තිබුන සිංදුව මගේ කඳුළු ආයෙම අලුත් කලා.

 හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ
 කවුරුවත් එපා මගෙ තනියට දුක දැනුනාවේ
 ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
 මට විතරද දුක දැනෙන්නෙ මං දන්නෑනේ....

 සඳ මඬළට උපමාකර කවි ලිව් කාලේ
 කාගෙත් දුක  දැනෙනා හිතක් ඔබ සතු වූයේ
 කඳුලු බලා ඔබ මට අද හිනැහෙනවානේ
 ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ....

 නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
 තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ
 අද නැති මුත් ළඟ සිටි දා හිත හැදුවානේ
 හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ....

        

17 comments:

Red Riding Hood said...

මේක කියෙව්වාම මට දැනුන දේ වචන වලින් නම් කියන්න බැ.. මේ මගේ අත්දැකීමක්.. අනේ මන්දා.. ඔයා ඒක දිහා බලාගෙන ඉඳලා ලිව්වද කියල හිතෙනවා.. ලස්සනයි..

ඉරණම්කාරී said...

Red Riding Hood - මේ මම ඇහින් දැකලා හිතින් විඳවන දෙයක් ඒ කියන්නේ මම වගේම විඳවන අය තවත් ඉන්නවා

Red Riding Hood said...

නැ අක්කේ.. මන් දැන් තමා ඔයෙගේ බ්ලොග් එකේ මුල්ම ලිපිය බැලුවේ.. අනේ දෙයියනේ.. ඔයා තරම් මන් විඳවන්නේ නැ අක්කේ.. මට හරිම දුකයි... මට මේක බැලුවාම හිතෙනවා මන් විඳින දුක දුකක් නෙවෙයි නේද දෙයියනේ කියලා.. මන් ප්‍රාර්ථනා කරනවා ඔයාට දවසක හිනා වෙන්න ලැබේවා කියලා.. කතාවක් තියෙනවා..
if another woman stole your man let her keep him because real men cannot be stolen
කියලා.. ඔයා හිනා වෙන දවසක් එයි අක්කේ..

Dinesh said...

කියන්න දෙයක් හිතා ගන්න බෑ අක්කේ...

දයානන්ද රත්නායක said...

මේ ගිතය නම් අහල නැහැ ඒත් ගීයට ගැලපෙන්න ලස්සනට සිතුවිල්ල නම් ගොතල තියෙනවා. සංවේදිව හිතට දැනෙන්න. ගිතයට ළංකල සිතුව්ල්ල අගෙයි.

සංකල්ප said...

මොනවද කියන්නේ කියලා තාම හිතනවා මම් !

Kuma said...

Adai man meÿ blog ekata awe. Ane godak dukai., . kawada hari dawasaka aaimath eya oyawa hoyagena ewi., .. Dannawada? Aadarey hanganna ba. Oyage aadarey tharama eyata danevi... Ikmanatama... Duk wenna epa.

ඉරණම්කාරී said...

Red Riding - අනේ එහෙනම් ඔයා වාසනාවන්තයි... මට වෙච්ච අසධාරණය මේ ලෝකේ කාටවත් වෙන්න එපා

ඉරණම්කාරී said...

Dinesh -මුකුත් නොකිව්වත් මේ දුක ඔයාලා මෙහෙම බලලා යන එකත් මට සතුටක් මල්ලි

ඉරණම්කාරී said...

දයානන්ද රත්නායක - මේක රොමේෂ් සුගතපාලගේ අලුත් සිංදුවක්, ගීතයෙයි කතාවෙයි අතර සම්බන්ධයක්නම් නෑ, කතාව සැබෑවටම මම වින්ද දෙයක් මේ ගීයත් ඒ වෙලාවෙම මට ඇහුන එකක්

ඉරණම්කාරී said...

මධුරංග - මුකුත් නොකිව්වත් මේ දුක ඔයාලා මෙහෙම බලලා යන එකත් මට සතුටක් මල්ලි

ඉරණම්කාරී said...

Kumari -ඔයාට ස්තුති කුමාරි මේ පැත්තට ආවට

හිමා ... said...

අදම තමයි මේ පෙත්තේ අවේනම්.ඒත් මේ සිදුවීම මටත් වෙලා තියනවා.ලස්සනට ගලපලා තියනවා ඉරණම්කාරියේ

Lancelot said...

මේවගේ දේවල් හැමෝටම පොදුයි !!!!! විශේෂයෙන්ම මට ! ආපහු ඒක මතක් කරල දුන්නට ස්තුතියි , මොන තරම් දුකක් වුනත් මම ඒකට කැමති

ඉරණම්කාරී said...

හිම කුමාරි- ස්තූති ඔබට මේ පැත්තට ආවට

ඉරණම්කාරී said...

දිනෙල්ක - ඔව් විරහව කියන්නේ ආදරේට පොදු දෙයක් , මමත් ඒ විරහවට ගොඩක් ආදරෙයි කොච්චර දුකක් උනත්

පිසාචයා said...

අනේ...හරිම දුකයි අක්කා.....ඔයාට කවදා හරි ජීවිතේ සතුටක් ලැබේවි..එතකම් සතුටින් ඉන්න බලන්න..

Post a Comment