skip to main |
skip to sidebar
කප්පරක් කඳුළු කැට ඇස් දෙකේ හිර කරන්
දුක් විඳින පපුව ගැන දුක නැද්ද රත්තරන්
ඇහි පියේ තියාගෙන රැක්කදා කොයි තරන්
බාඳුරා සුවඳකට රැවටුනේ ඇයි කියන්
හිතාගෙන උන්නේ මම මගෙම විතරයි ඔයා
දරාගෙන විරහ ගිනි කෝම ඉන්නද මෙමා
ඔබම දුන් ජීවිතේ මියැදෙන්න ළඟයි දැන්
හුස්ම පිඹලා යන්න එන මගේ රත්තරන්
ජීවිතේ පරණ අහුමුලු අතුගාද්දි අහම්බෙන් මේ නිසදැස මගේ නෙත ගැටුනෙ පරණ දින පොතක තිබිල.ඒ 2006 අවුරුද්දේ මගේ දින පොත. ඒ කියන්නෙ මේ කවට වසර 6ක් වෙනව දැන්. ඒ ඔයා මාව දාල ගිය මුල්ම කාලෙ ඒ දවස්වල මම ඔයා අයේ එනවනම් කියලා කොච්චරක්නම් බලන් හිටියද... මේ දින පොත පුරාම තියෙන්නෙ ඔයා වෙනුවෙන් මම හෙලාපු කඳුළු සුසුම්.
දැන් මම ඔයාට එන්න කියන්නේ නෑ වැරදිලාවත්.ඒ කාලේ නාපු ඔයා දැන් කොහොම එන්නද... ආවත් වැඩක් තියෙනවද....ඔයා මගේ වෙච්ච මම ඔයාගේ වෙච්ච කාලෙ දැන් අතීතයක්ම විතරයි. ඒත් අතීතයේ අඳුරු සෙවනැළි විතරක් නෙවේ සොඳුරු සිතුවම් පවා තාමත් මට අමතක කරන්න බැරි හැටි.