Feb 7, 2012

ඔබට කියන වගනම් !




ආදරණීය.............

හැම රෑකම මම ඔයාව හීනෙන් දකිනව
මගේ කඳුළු සුසුම් විතරක් නෙවෙයි
මගෙ ජීවිතේ පැතුම පවා එක්කාසු කරගෙන ගිහින්
ඔයා හදාගත්ත අලුත් කූඩුවේ
ඈ ළඟින්  ඔබ ඉන්නවා........
කට්ට කලුවර කාමරේ තනි යහන මත ඉදන්
මම පැය ගනන් ඉකිබිඳිනවා....
ඔයාට වෛර කරන්නවත්....සාප කරන්නවත් මට බෑ...
ඒත්....ඇස් වලට අඩන්න එපා කිවුවට අහන්නෙ නෑ....
ඔයා යන්නම යන්න ගිහින් දැන් වසර ගනනාවක්ම
ගෙවිල ගිහින්......ඒත්....
තාමත් මම මේ යහන පුරාම
ඔයාගෙ සුවඳ හොයනව....
පාලු රාත්‍රියේ ඔයාගෙ හුස්ම මගේ මූණට
වදිනවා වගේ දැනෙනවා...
ඔයා පිටමං වෙද්දි ඔයාගෙ හැම දේම
ඔයාට දෙන්න තරම් මම හිත දැඩි
කරගත්තනම් තමයි
ඒත්... ඔය සුවඳ... ඔය බැල්ම... ඔය හිනාව...
ඔය උණුහුම.... මං පරිස්සමට හංගගෙන ආවා...
ඒ හින්දම මේ පාලු කාමරේ පුරාවට
තාමත් ඔයා ජීවමානයි
බර අඩි තිය තිය තාමත් ඔයා මගේ ජීවිතේ පුරාම ඇවිදිනව...
දුකයි තමා මහ ගොඩාක්...
ඒත්... ඒ දුකවත් නොතිබුනානම් මට ජීවත් වෙන්න අමරු වෙවි  මේ තරමටවත්...

ආදරණීය.........

ප්‍රශ්නයක් නැත්තන් ප්‍රශ්නයක් අහන්නද.....?
ඔයාට මාව හීනෙන්වත් පේන්නෙ නැද්ද.....?

4 comments:

Dinesh said...

උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක්...

ඉරණම්කාරී said...

හ්ම්...........ඔව්.............. එත මට උත්තර ඕනෙත් මේ ප්‍රශ්න වලටමයි

ආලෝකා said...

ප්‍රශ්නයක් නොඅසා හිටියානම් වටිනාකම කියල වැඩක් නැ

ඉරණම්කාරී said...

නෑ මටනම් එක දැනගැනීම වටිනවා සහෝදරී

Post a Comment