හැල්මේ දුවන මේ ජීවිතේ
මොහොතකට නවත්තල
මං ආසයි දොඩමළු වෙන්න
සමාන හිතැත්තෙක් එක්ක
ඒත් කෝ.......
මේ කොන්ක්‍රීට් වනාන්තරේ එහෙම අය
ලෝකෙට පේන්න හිනා වෙලා
හිතින් වැළපෙන මගේ හිත
මං ආසයි කා ළඟ හරි දිගහරින්න
ඒත් කවුද....
මගේ හිත කියවන්න ඉන්නෙ
මට ඕන වුනේ උසම අත්තක
මලක් වෙලා ඉන්න
කාටවත් ලේසියෙන් නෙලා ගන්න
බැරි තැනක පිපෙන්න
බැතිබරම දෝතකට තිළින වෙන්න
ඒත් හිටි හැටියේ හමා ආපු
සැඩ සුළඟකට අහුවෙලා
මං අකාලෙම බිම පතිත වුණා
දැන් ඉතින් කවුද......
පර මල් පූජාසනේට ගෙනියන්නෙ?
පැල්ලම්
1 month ago

6 comments:
දරන්නට වෙර - මතින් බාධක,
යනු ගමන නුඹේ - ඉරිසියාකාර මිනිස්සු කියන දේ සතපහකට මායිම් නොකර ..
නුඹ පමණක් නොවේ - බොහොමයක් පර වී හමාරය ,
එය තේරුම් ගන්නට හැකි කෙනෙක් හමුවේවි දවසක - එතෙක් ට්‍රය් කරපන් ...
ලස්සන අදහසක්.. ඇත්ත මේ වේගයෙන් දුවන ලෝකේ කවුද අපි වෙනුවෙන් නවතින්න කැමති..
ජීවිතේ නැවතුණ තැනින් පටන්ගන්න.. කවුරුම හරි ඉදිවී.. හැබැයි පරිස්සමින්.. ඒ සමාන හිතැත්තවම හොයාගන්න.. :)
අර්ථවත් සිතිවිල්ලක්..!
මෙහි පැමිණියාට බොහෝම ස්තූති තරිඳු
ඔව් දිනේශ් ඇවිත් යන්න මිසක් නවතින්නම එන අය හරිම අඩුයි
ස්තූති නන්ඳු.....
Post a Comment